ජම්මු – කාශ්මීර ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමට මෝදිගෙන් හමුදාවට උපරිම නිදහස

ජම්මු – කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය හමුදාවට පූර්ණ මෙහෙයුම් නිදහස ලබා දී තිබෙනවා.

NDTV පුවත් වෙබ් අඩවිය වාර්තා කළේ, ජාතික ආරක්ෂාව පිළිබඳ රජයේ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන අගමැති ප්‍රමුඛ ආරක්ෂක කැබිනට් කමිටුව දින හතකින් දෙවන වරටත් රැස්වීමට දිනකට පෙර මෙම රැස්වීම පවත්වා අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාවේ හමුදා ප්‍රතිචාරයේ ආකාරය, ඉලක්ක සහ වේලාව තීරණය කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි සන්නද්ධ හමුදාවන්ට “පූර්ණ නිදහස” ලබා දී ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා.

අගමැති ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන් හමු වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ආරංචි මාර්ග පැවසුවේ, ත්‍රස්තවාදයට දරුණු පහරක් එල්ල කිරීම අපගේ ජාතික අධිෂ්ඨානය බවත්, ඉන්දීය හමුදාව කෙරෙහි තමාට “සම්පූර්ණ විශ්වාසයක් ඇති බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළ බවයි.

2019 පෙබරවාරි මාසයේ පුල්වාමා ප්‍රහාරයෙන් පසු එවැනි නරකම සිදුවීමක දී, බොහෝ දුරට සිවිල් වැසියන්, 26 දෙනෙකු ඝාතනය කළ ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගන්නා බව අගමැතිගේ පණිවිඩයේ සඳහන් බව ආරංචි මාර්ග පැහැදිලි කළා.

මේ අතර, ආරක්ෂක ආයතන ද පවසා ඇත්තේ පවතින සාක්ෂි නැවතත් පකිස්ථානය දෙසට යොමු වී ඇති බවයි.

ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ජපානය සහ සමහර යුරෝපීය රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින්ට මෙම තොරතුරු පිළිබඳව දැනුවත් කර ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?