ජපාන විදේශ ඇමති ඇතුලු පිරිසක් ශ්‍රී ලංකාවට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි (Yoshimasa Hayashi) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

25 දෙනෙකුගෙන් යුත් මෙම දූත පිරිස සිකුරාදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු හමුවීමට නියමිත බව ජනාධිපති කාර්යාලය සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැයි මාසයේ සිදු කළ ජපාන සංචාරයේදී සාකච්ඡා කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද නියෝජිත පිරිස සාකච්ඡා කරනු ඇති.

2019 වසරෙන් පසු ජපාන නියෝජිත පිරිසක් සමග අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව ද මෙයයි.

ජපාන විදේශ අමාත්‍යවරයා ලබන 28 සහ 29 යන දෙදින තුළ දූත පිරිසක් සමඟ සිදු කරනු ලබන සංචාරය, පසුගිය වසරේ සිට දකුණු ආසියානු කලාපයෙන් පිටත රටක සිට සිදුකරන පළමු ඉහළ මට්ටමේ සංචාරයයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතාවල විෂය පථය වැඩිදියුණු කිරීමට මෙමගින් අපේක්ෂා කෙරෙන අතර පැමිණෙන නියෝජිත පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?