ජපානය ලබාදෙන අඛණ්ඩ සහාය ඇගයීමට ලක් කෙරේ

ඉන්දියානු සාගරයේ උපායමාර්ගික පිහිටීම නිසා ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත්, ජාතික ආරක්‍ෂාව සහ සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය තුළ සමුද්‍රීය ආරක්‍ෂක උපාය මාර්ගය වැදගත්ම අංගය ලෙස සලකන බව ද ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙම තීරණාත්මක කරුණු ඉස්මතු කරමින්, නියෝජ්‍ය ආර‍ක්‍ෂක අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර, පෙරේදා (02) කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ (JMSDF) Mine Sweeper Tender JS Bungo නෞකාවේ සිදු කළ සංචාරයේ දී සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරුණා.

2025 වාර්ෂික ඉන්දු – පැසිෆික් සහ මැද පෙරදිග මුර සංචාරයන්ට සමගාමීව ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ නෞකා දෙකක් වන JS Bungo සහ JS Etajima පැමිණීම සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කතාවේදී, විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාවට දිගුකාලීන සහ ස්ථිරසාර හවුල්කරුවෙකු ලෙස ජපානයේ කාර්යභාරය අවධාරණය කරමින් මූල්‍ය ආධාර සැපයීම, තාක්‍ෂණික සහයෝගීතාව, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මානුෂීය ආධාර සැපයීම, ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම්, සාම සාධක දායකත්වයන්, ආරක්‍ෂක සහයෝගීතාව, සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම් සහ දැනුම බෙදාගැනීම වැනි දෑ තුළින් ජපානය අපට සැලකිය යුතු සහයෝගයක් ලබා දී ඇති බව ප්‍රකාශ කළා.

රැස්ව සිටි පිරිස අමතමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු Akio Isomata මහතා, දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ද්විපාර්ශ්වික සබඳතා ඉස්මතු කළ අතර, ඉන්දියානු සාගරයේ මැද කේන්ද්‍රස්ථානයක් ලෙස කලාපීය ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරුණා.

මෙම උත්සවයට, ‘Kagami Biraki’ හෙවත් සාම්ප්‍රදායික සකේ බැරල් විවෘත කිරීමේ අවස්ථාවක් සහ සමුරායිවරුන්ගේ සම්භාව්‍ය කඩු හරඹයන්ගේ ආභාසයෙන් පෝෂණය වූ නවීන ජපන් සටන් කලාවක් වන ‘Kendo’ කඩු හරඹ නිරූපණයක් ඇතුළත්.

මෙම අවස්ථාවට යුද හා නාවික හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් – ආරක්‍ෂක, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54