ජපානය ලබාදෙන අඛණ්ඩ සහාය ඇගයීමට ලක් කෙරේ

ඉන්දියානු සාගරයේ උපායමාර්ගික පිහිටීම නිසා ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත්, ජාතික ආරක්‍ෂාව සහ සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය තුළ සමුද්‍රීය ආරක්‍ෂක උපාය මාර්ගය වැදගත්ම අංගය ලෙස සලකන බව ද ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙම තීරණාත්මක කරුණු ඉස්මතු කරමින්, නියෝජ්‍ය ආර‍ක්‍ෂක අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර, පෙරේදා (02) කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ (JMSDF) Mine Sweeper Tender JS Bungo නෞකාවේ සිදු කළ සංචාරයේ දී සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරුණා.

2025 වාර්ෂික ඉන්දු – පැසිෆික් සහ මැද පෙරදිග මුර සංචාරයන්ට සමගාමීව ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ නෞකා දෙකක් වන JS Bungo සහ JS Etajima පැමිණීම සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කතාවේදී, විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාවට දිගුකාලීන සහ ස්ථිරසාර හවුල්කරුවෙකු ලෙස ජපානයේ කාර්යභාරය අවධාරණය කරමින් මූල්‍ය ආධාර සැපයීම, තාක්‍ෂණික සහයෝගීතාව, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මානුෂීය ආධාර සැපයීම, ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම්, සාම සාධක දායකත්වයන්, ආරක්‍ෂක සහයෝගීතාව, සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම් සහ දැනුම බෙදාගැනීම වැනි දෑ තුළින් ජපානය අපට සැලකිය යුතු සහයෝගයක් ලබා දී ඇති බව ප්‍රකාශ කළා.

රැස්ව සිටි පිරිස අමතමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු Akio Isomata මහතා, දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ද්විපාර්ශ්වික සබඳතා ඉස්මතු කළ අතර, ඉන්දියානු සාගරයේ මැද කේන්ද්‍රස්ථානයක් ලෙස කලාපීය ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කෙරුණා.

මෙම උත්සවයට, ‘Kagami Biraki’ හෙවත් සාම්ප්‍රදායික සකේ බැරල් විවෘත කිරීමේ අවස්ථාවක් සහ සමුරායිවරුන්ගේ සම්භාව්‍ය කඩු හරඹයන්ගේ ආභාසයෙන් පෝෂණය වූ නවීන ජපන් සටන් කලාවක් වන ‘Kendo’ කඩු හරඹ නිරූපණයක් ඇතුළත්.

මෙම අවස්ථාවට යුද හා නාවික හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් – ආරක්‍ෂක, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?