AFC Banner
Empty Ad
Empty Ad

ජපාන භූකම්පනයෙන් වාර්තාවන මරණ ගණන 30 සීමාවට

ජපානයට ඊයේ (01) බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 30ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

තවත් දහසක් පමණ සුන්බුන් යට සිරවී ඇති බවට විශ්වාස කරන බවයි ජපන් බලධාරීන් සඳහන් කළේ.

ඔවුන් සොයා මුදවා ගැනීමේ කණ්ඩායමේ තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

බටහිර වෙරළේ කිලෝමීටර් 10ක් දුරින් වූ නොගැඹුරු මුහුදේ රික්ටර් මාපාංක 7.5ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාවේ බලපෑම කිලෝ මීටර් 300ක් පමණ දුරකට දැනී තිබෙනවා.

භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කිරීමට එරට බලධාරීන් කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
8
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?