ජපන් රජයේ අනුග්‍රහයෙන් මිතුරු හා යොවුන් පියස මධ්‍යස්ථාන 105 ක්

ජපන් රජයේ අනුග්‍රහය යටතේ මෙරට ක්‍රියාත්මක කෙරුණු කාන්තා හා යොවුන් සෞඛ්‍ය වෙනුවෙන් වූ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා මිතුරු පියස සහ යොවුන් පියස මධ්‍යස්ථාන 105 ක් පිහිටුවා තිබෙනවා.

අමරිකානු ඩොලර් මිලියන 1.4ක ආධාර ව්‍යාපෘතියක් යටතේ කාන්තාවන් හා තරුණ පිරිස්හි සෞඛ්‍යමය තත්ත්වය නඟාසිටුවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත.

ජපන් රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හරහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, කාන්තා කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය නොවන සංවිධාන, පවුල් සැලැසුම් සංවිධානය හා එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

වසර 03ක ව්‍යාපෘතියක් වන මෙහි සමාප්ති අවස්ථාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?