ජනාධිපති ලේකම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර ගනිමින් සිටින බව මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ සඳහන් කළා.

ඒ, අනුව ඉදිරියේ දී ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති සම්බන්ධව ද මෙහි දී නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා දැනුම්වත් කර සිටියා.

නව සංචාරක කලාප ඇති කිරිමේ දී සහ සංචාරක කර්මාන්තයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය ආයතනවල දායකත්වය විධිමත් හා කාර්යක්ෂම අන්දමින් ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් වත්මන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී ස්තුතිය පළ කළ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ නව රජයේ වැඩපිළිවෙළ නිසා සංචාරක ක්ෂේත්‍රය අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21