ජනාධිපති රනිල් වික්‍රමසිංහ චාල්ස් කුමරුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා අද (04) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
ජනාධිපතිවරයා සමග තවත් 08 දෙනෙකු ද පිටත්ව ගොස් තිබෙන අතර ඔවුන් අද (04) දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ
මෙම පිරිස ඩුබායි සිට පසුව වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
2
+1
1
+1
+1
2




