ජනපති එංගලන්තය බලා පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ චාල්ස් කුමරුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා අද (04) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

ජනාධිපතිවරයා සමග තවත් 08 දෙනෙකු ද පිටත්ව ගොස් තිබෙන අතර ඔවුන් අද (04) දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ

මෙම පිරිස ඩුබායි සිට පසුව වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි .