AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති අපේක්ෂකයි 38න් 35ක් මැතිවරණ වියදම් වාර්තා භාරදීලා

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනෙක් ඊයේ (14) දිනය අවසන් වනවිට මැතිවරණ වියදම් වාර්තා භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

එම අපේක්ෂකයින්ට අදාළ වියදම් වාර්තා භාරදීම සඳහා ලබා දී තිබූ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

මෙවර ජනධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයින් 38 දෙනෙක් තරග වැදුනා.

මේ අතර දේශපාලන පක්ෂ 28 කින් එම පක්ෂවල වියදම් වාර්තා භාර දී ඇති බවයි සභාපතිවරයා අද (14) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර සඳහන් කළේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21 ක් ඇතුළත අදාළ වියදම් වාර්තා ලබා දිය යුතු බවයි.

ඒ, අනුව අදාළ කාලය තුළ එම වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම කොමිෂන් සභාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?