මැතිවරණය වියදම් නියාමනය ගැන පක්ෂවල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් නියාමනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් හෙට (15) දිනයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

මේ අතර හෙට (15) දිනයේ දී සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් ද පවත්වන බවයි එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

ඊට අමතරව සියලුම ආමාත්‍යංශවල ලේකම්වරුන් සහ අතිරේක ලේකම්වරුන් සමඟ ද සාකච්ඡාවක් අනිද්දා (16) දිනයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !