ජනාධිපති අපේක්ෂකයින් සයදෙනෙකු එකම වේදිකාවක දී විවාදයකට සැරසෙයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සය දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුත් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

එම විවාදය එළැඹෙන සැප්තැම්බර් 07 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ, සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින අරියේන්ද්‍රන් යන අපේක්ෂකයන් එක් වීමට නියමිත ව තිබෙනවා.

මෙම විශේෂ විවාදය මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය නාලිකා 07ක් සහ සමාජ මාධ්‍ය පිටු 200කට ආසන්න ප්‍රමාණයක් ඔස්සේ සජීවී ව විකාශය කිරීමට අපේක්ෂා කරන බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
6
+1
3
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?