ජනවාරි මුල ලංකාවේ විශාල පිරිසකට රැකියා අහිමිවීමේ අවධානමක්

ගෙවීම් කාඩ් පත හදුන්වාදීමෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් විසිදහසකට රැකියාව අහිමි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි.එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ගෙවීම් කාඩ්පත හඳුන්වාදීමෙන් කොන්දොස්තරවරුන් නොමැතිව බස් රථ ධාවනය කිරීමට හැකි වන ලෙස නීති සකස් කිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වන බවයි.

මේ හේතුවෙන් විශාල පිරිසකට රැකියා හිමිවන බවත් බස් හිමියන් මෙන්ම මගින්ද අපහසුතාවයට පත්වන බවත් ප්‍රියන්ජිත් මහතා පැවසීය.

මෙම තීරණයට විරෝධය පළ කරමින් බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට සහ දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් කීවේය.

නියමු ව්‍යාපෘතියක් ලෙස ගෙවීම් කාඩ් පත ජනවාරි දෙවන සතියේ සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

  1. Maginta meken kisima apahasuthawak wenne nah. Wena ratawala meka thiyanawaa kisi karadarayak naha.
    Anika hoda tharuna wayase enna kollo kondosthara wade karala wadak naha. Jivithe diwnuwak wenne naha. E minisunta wena rakiya walata yamu karana gaman me wade karanna one. Kabanika pohora wage rate hama thamana eka para patan aran Ana ganne nathuwa kisiyam krama wedayakata tika tika karanna one deyak meka. Three wheel rassawath tharuna lamaita wadak naha.