AFC Banner
AFC Banner
Empty Ad

ජනවාරියේ නිදහස් කළ බහාලුම් ගැන ගම්මන්පිල රේගුවෙන් විස්තර ඉල්ලයි

2025 වසරේ ජනවාරි මාසයේ දී වරායෙන් නිදහස් කළ බහාලුම් පිළිබඳ තොරතුරු ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ශ්‍රී ලංකා රේගුව වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා අදාළ ලිපිය මඟින් දක්වා ඇත්තේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව එම තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙසයි.

2025 ජනවාරි මැදය තුළ කොතරම් බහාලුම් ප්‍රමාණයක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇත් ද ?

එම බහාලුම්වල ලැබුම්කරුවන් ලෙස සඳහන් කරන ලද නම් මොනවා ද ?

මෙකී එක් එක් බහාලුම්කරුවන් මීට පෙර රේගු වැරදිකර ඇත්නම් ඒ මොනවා ද ?

පරීක්ෂාවෙන් තොරව නිදහස් කළ බහලුම්වලින් කොතරම් ප්‍රමාණයක් රතු මාර්ගයේ යැවීමට නිර්දේශ කර තිබූ ඒවා ද ?

පරීක්ෂාවෙන් තොරව නිදහස් කළ බහලුම්වලින් කොතරම් ප්‍රමාණයක් තැඹිලි මාර්ගයේ යැවීමට නිර්දේශ කර තිබූ ඒවා ද ?

රතු සහ තැඹිලි මාර්ගයන් හි යැවීමට නිර්දේශ කළ බාහලුම්වල අඩංගු වූ භාණ්ඩ මොනවා ද ?

රතු සහ තැඹිලි මාර්ගයන් හි යැවීමට නිර්දේශ කළ බාහලුම් ලංකාවට එවූ රටවල් මොනවා ද ? යන තොරතුරු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?