AFC Banner
AFC Banner
Empty Ad

ජනප්‍රිය ඉන්දීය නිළියකගේ මෝටර් රථ රථයට යට වී කම්කරුවෙක් මරුට

ජනප්‍රිය ඉන්දීය නිළියක්වන උර්මිලා කෝතාරේ ගමන් ගත් මෝටර් රථයේ ගැටී කම්කරුවෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරන් තවත් කම්කරුවෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මුම්බායි නුවර කන්ඩිව්ලි ප්‍රදේශයේ දී ඊයේ (27) මෙම අනතුර සිදුව ඇති අතර, උර්මිලා කෝතාරේගේ රථය පැදවූ රියදුරාට රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රූගත කිරීම්වලට ගොස් ආපසු එමින් සිටිය දී නිළිය ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මෙට්‍රෝ ව්‍යාපෘතියක සේවය කරන කම්කරුවන් දෙදෙනෙකු මෙලෙස රථයේ ගැටී තිබෙනවා.

අනතුරින් පසු එක් කම්කරුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ,අනෙක් කම්කරුවා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී රියදුරු ද බරපතල තුවාල ලබා ඇති අතර, උර්මිලා කෝතාරේ ද සුළු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුව අවස්ථාවේ දී මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර, නියම වේලාවට එයාර් බෑගය විවෘත වීම හේතුවෙන් නිළියගේ ජීවිතයට හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?