ජනප්‍රිය ඉන්දීය ගායක පවන්දීප් රිය අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහලේ

ඉන්දීය ගායන රියලිටි තාරකාවක්වන පවන්දීප් රාජන්; රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් හි අම්රෝහා හි ජාතික අධිවේගී මාර්ගයේ සිදු වූ මෝටර් රථ අනතුරකින් ඔහු මෙලෙස තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පවන්දීප් සහ තවත් දෙදෙනෙකු උත්තර්කන්ඩ් හි චම්පවත් සිට දිල්ලි දක්වා වැඩසටහනක් සඳහා ගමන් කරමින් සිටියදී ඔවුන් ගමන් ගත මෝටර් රථය අද අලුයම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ ඔවුන් ගමන් ගත් මෝටර් රථය මාර්ගයේ නවතා තිබූ කැන්ටරයක ගැටී ඇති බවයි.

මෙම අනතුරින් පවන්දීප් සමඟ මෝටර් රථයේ සිටි අනෙක් දෙදෙනා ද බරපතළ තුවාල ලබා ඇති බව තොරතුරු වාර්තා වන්නේ.

අනතුරින් පවන්දීප්ගේ කකුල් දෙකෙහිම අස්ථි බිඳීම් සිදුව ඇති අතර, ඔහුගේ හිසට ද තුවාල සිදුව තිබෙනවා.

ඔහුව නොයිඩා හි ෆෝටිස් රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු විකලාංග වෛද්‍ය කණ්ඩායමේ නිරීෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ෆෝටිස් රෝහල සඳහන් කළේ, “පවන්දීප් රාජන් නොයිඩා හි ෆෝටිස් රෝහලට ඇතුළත් කර ඇති අතර, මාර්ග අනතුරකින් අත් පා කිහිපයක් කැඩී යාමෙන් පසු විකලාංග වෛද්‍ය කණ්ඩායමේ රැකවරණය යටතේ ප්‍රතිකාර ලබනවා. ඔහු දැනට ස්ථාවර සහ සිහිසුන්ව සිටී. ඔහුගේ ප්‍රතිකාර සැලැස්මේ කොටසක් ලෙස, ඔහු අනුක්‍රමික සැත්කම් මාලාවකට භාජනය වනු ඇත. අපගේ සායනික කණ්ඩායම ඔහුගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය සියලු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටී.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
15
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?