AFC Banner
Empty Ad
Empty Ad

ජනපති හා චීන තානාපති අතර හමුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා පූර්ණ සහාය ලබාදීමට චීන රජය සහතික වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් මහතා අතර අද (02) ජනාධිපති කාර්‍යාලයේ දී පැවැති අවස්ථාවේ දී මේ බව සාකච්ඡා වූ බවයි.

ජනාධිපතිවරයා ලැබූ ජයග්‍රහණයට ද චීන තානාපතිවරයා සිය සුබ පැතුම් එක් කළා.

ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩ ව කැප වී සිටින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ක්‍රියාත්මක සහයෝගීතා ව්‍යාපෘතිවල හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්‍යයන් සඳහා සහාය දැක්වීමට චීන සංවර්ධන බැංකුව සහ එක්සිම් බැංකුවේ ක්‍රියාකාරී මැදිහත් වීම පිළිබඳ ව ද මෙහිදී අදහස් පළ කෙරුණා.

Chinese Ambassador 1
Chinese Ambassador 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?