AFC Banner
AFC Banner
Empty Ad

ජනපති සමඟ ඩුබායි යන්න අසූවකට වැඩි පිරිසක් පෝලිමේ (වීඩියෝ)

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ලබන නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි හිදී පැවැත්වෙනවා.

එහි ඉහළ පෙළේ රාජ්‍ය නායක සමුළුව දෙසැම්බර් 01 සහ 02 දිනවල පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ විදේශ අමාත්‍ය අලි සබ්‍රි, විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් එක්වන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙකු ද මෙම නියෝජිත පිරිසට ඇතුළත්.

මේ පිරිස හැරුණු විට තරුණ නායකයින් යැයි පැවසෙන පිරිසක් ඇතුළුව තවත් 70කට ආසන්න පිරිසක් අදාළ සමුළුව සඳහා එක් වීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම අතිවිශාල නියෝජිත පිරිසක් සමඟ අදාළ දේශගුණික සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළවීමත් සමඟ අදාළ සංචාරය සඳහා වෙන්ව ඇති මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.

මේ සම්බන්ධයෙන් දසත නිවුස් කළ විමසීමක දී ආණ්ඩුවට සමීප පාර්ශ්වයක් පැවසුවේ නිල දූත පිරිස හැරුණු විට සමුළුව සඳහා එක්වන සෙසු පිරිස තමන්ගේ පෞද්ගලික වියදමෙන් සහභාගීවන බව තමන් විශ්වාස කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?