AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල් ඉන්දීය අගමැති හමුවෙයි

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) පෙරවරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුව තිබෙනවා.

රාජ්‍ය නායකයින් දෙදෙනා අහ්මෙදාබාද් මන්දිරයේ මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ අනාගත ඉලක්ක ජය ගැනීම සඳහා ඉන්දීය සහයෝගිතාවය අත්‍යවශ්‍ය බව ජනපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියේ.

දෙරට අතර මුහුදු සහ ගුවන් ගමන් සබඳතා වැඩි දියුණු කළ යුතු බවත් අධ්‍යාපනික කටයුතු පුළුල් කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර,දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය මෙම වසරේ යෙදී තිබීමත් සමඟ දීර්ඝ කාලීන සබඳතා සමාලෝචනය කිරීමට සහ තවදුරටත් වේගවත් කිරීමට මෙය වැදගත් අවස්ථාවක් බවයි ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශ නිල ප්‍රකාශක අරින්දම් බගාචි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?