ජනපති රනිල් ඉන්දීය අගමැති හමුවෙයි

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) පෙරවරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුව තිබෙනවා.

රාජ්‍ය නායකයින් දෙදෙනා අහ්මෙදාබාද් මන්දිරයේ මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ අනාගත ඉලක්ක ජය ගැනීම සඳහා ඉන්දීය සහයෝගිතාවය අත්‍යවශ්‍ය බව ජනපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියේ.

දෙරට අතර මුහුදු සහ ගුවන් ගමන් සබඳතා වැඩි දියුණු කළ යුතු බවත් අධ්‍යාපනික කටයුතු පුළුල් කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර,දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය මෙම වසරේ යෙදී තිබීමත් සමඟ දීර්ඝ කාලීන සබඳතා සමාලෝචනය කිරීමට සහ තවදුරටත් වේගවත් කිරීමට මෙය වැදගත් අවස්ථාවක් බවයි ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශ නිල ප්‍රකාශක අරින්දම් බගාචි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36