ජනපති මන්නාරම රදගුරු හිමිපාණන් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු වුණා.

රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරු හිමියන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා.

මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.

අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අලෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින් බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් සම්බන්ධතාවයක් ඇති කිරීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතින බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී සිදුවන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදුකර අවසන් බවත්, සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනය ඉදිරියේ දී සිදුකිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මන්නාරම බලකොටුව කෲස් සංචාරකයන් සඳහා සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මෙම කටයුතු සමඟ ඉදිරියේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු ක්ෂේත්‍රවල පුළුල් සංවර්ධනයක් සිදුවනු ඇති බවයි.

මන්නාරම ධීවර ජනතාවගේ ගැටළුව කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද මන්නාරම රදගුරු හිමිපාණන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?