AFC Banner
AFC Banner
Empty Ad

ජනපති චීන සංචාරය හෙට අරඹයි

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (14) දිනයේ චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම නිල සංචාරය සඳහා එක්වන්නේ.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය දෙරටටම ඉතා වැදගත් සංචාරයක් වනු ඇති බව චීන රජය පවසන්නේ.

මේ අතර මෙම නිල සංචාරය තුළ දෙරට අතර අවබෝධතා ගිවිසුම් 07 කට අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වුණේ.

එමෙන්ම 14 වනදා සිට 17 වනදා දක්වා සිදුකරන ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය තුළ දී ක්ෂේත්‍ර රැසකට අදාළව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක, චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකෙරෙන දෙවැනි විදෙස් සංචාරය මෙය වන අතර, චීනයේ සිදු කෙරෙන පළමු සංචාරයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?