ජනපති චීන සංචාරය හෙට අරඹයි

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (14) දිනයේ චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම නිල සංචාරය සඳහා එක්වන්නේ.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය දෙරටටම ඉතා වැදගත් සංචාරයක් වනු ඇති බව චීන රජය පවසන්නේ.

මේ අතර මෙම නිල සංචාරය තුළ දෙරට අතර අවබෝධතා ගිවිසුම් 07 කට අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වුණේ.

එමෙන්ම 14 වනදා සිට 17 වනදා දක්වා සිදුකරන ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය තුළ දී ක්ෂේත්‍ර රැසකට අදාළව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක, චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකෙරෙන දෙවැනි විදෙස් සංචාරය මෙය වන අතර, චීනයේ සිදු කෙරෙන පළමු සංචාරයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14