AFC Banner
AFC Banner
Empty Ad

ජනපති කොළඹ වෙසක් සිරි නරඹයි

වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට ඊයේ (23) එක්වුණා.

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ආරම්භ කෙරුණා.

ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපතිවරයා බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලි ආලෝකය දල්වා ‘බුද්ධ රශ්මි වෙසක් කලාපය’ විවෘත කළේය.

විදෙස් තානාපතිවරු, මහ කොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිත විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ ද සුහද කතා බහකට එක් විය.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 23, 24, 25 සහ 26 දිනයන්හි දී වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, තොවිල් සහ දෙවොල්මඩු ශාන්තිකර්ම, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන, විරිදු ගායනා, විදුලි පහන් අලංකරණය ඇතුළු සංස්කෘතිකාංග රැසක් සංවිධානය කර තිබේ.

එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් සිදු වූ අතර අනතුරුව ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය ආරම්භ කෙරිණි.

මේ හා සමගාමීව ෂැංග්‍රිලා හරිත භූමියේ ආරම්භ කෙරුණු මහා බත් දන්සැල විවෘත කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.
මේ අතර පෑලියගොඩ ප්‍රජා සංවර්ධන පදනම, පෑලියගොඩ නගර සභාව සහ වෙළෙඳ ප්‍රජාව එක්ව ප්‍රථම වරට සංවිධානය කර තිබූ වෙසක් කලාපය විවෘත කිරීමට ද ඊයේ (23) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?