ජනපති කොළඹ වෙසක් සිරි නරඹයි

වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට ඊයේ (23) එක්වුණා.

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ආරම්භ කෙරුණා.

ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපතිවරයා බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලි ආලෝකය දල්වා ‘බුද්ධ රශ්මි වෙසක් කලාපය’ විවෘත කළේය.

විදෙස් තානාපතිවරු, මහ කොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිත විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ ද සුහද කතා බහකට එක් විය.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 23, 24, 25 සහ 26 දිනයන්හි දී වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, තොවිල් සහ දෙවොල්මඩු ශාන්තිකර්ම, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන, විරිදු ගායනා, විදුලි පහන් අලංකරණය ඇතුළු සංස්කෘතිකාංග රැසක් සංවිධානය කර තිබේ.

එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් සිදු වූ අතර අනතුරුව ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය ආරම්භ කෙරිණි.

මේ හා සමගාමීව ෂැංග්‍රිලා හරිත භූමියේ ආරම්භ කෙරුණු මහා බත් දන්සැල විවෘත කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.
මේ අතර පෑලියගොඩ ප්‍රජා සංවර්ධන පදනම, පෑලියගොඩ නගර සභාව සහ වෙළෙඳ ප්‍රජාව එක්ව ප්‍රථම වරට සංවිධානය කර තිබූ වෙසක් කලාපය විවෘත කිරීමට ද ඊයේ (23) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39