ජනපති ආරම්භ කළ පාසල් ප්‍රාග්ධන වෙළඳපොළ සංගම් අනාගත ආයෝජනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා පාසල් 100ක පිහිට වූ ප්‍රාග්ධන වෙළඳපොළ සංගම් අනාගත ආයෝජනයක් බව කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරණායක මහතා පවසනවා.

මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම ප්‍රවර්ධනයට සුදුසුම පිරිස වන්නේ සිසු පරපුර වන අතර පාසල් තුළින් එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා කාලෝචිත බවයි ඔහු සඳහන් කළේ.

කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරණායක මහතා මේ අදහස් පළ කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ ‘වන් – ඕ – වන් කතා’ වැඩසටහනට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජීව බණ්ඩාරණායක මහතා,

‘ප්‍රාග්ධන වෙළෙඳපොල සංගම්’ මගින් සිසුන් වෙත කොටස් වෙළෙඳපොළ වඩා විධිමත් ලෙස හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහනෙහි පළමු අදියරේ දී උසස් පෙළ ප්‍රතිඵල අනුව වාණිජ අංශයේ විශිෂ්ඨතම ප්‍රතිඵල පෙන්වූ පාසල් 100ක් තෝරා ගෙන ඒවායේ ප්‍රාග්ධන වෙළෙඳපොල සංගම් 100ක් පිහිටුවීම සිදු කෙරෙනවා. මෙමගින් සිසුන්ට ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. සිසුන්ට දැනුම මෙන්ම ප්‍රායෝගික අධ්‍යයනයක් ලබා ගැනීමටත් මෙමඟින් අවස්ථාව හිමි වෙනවා.

පාසැල් තුළ බැංකු ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ලබා දුන්නත් , ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව දැනුම ලබා දීම අඩු මට්ටමකයි තිබෙන්නේ. ඒ වගේම මූල්‍ය සාක්ෂරතාවත් අඩු තත්ත්වයකයි පවතින්නේ. එම නිසා වාණිජ විෂය ධාරාවට පමණක් සීමා වූ දැනුම ඉන් එහාට පුළුල් කිරීමට, එනම් කලා, විද්‍යා, ගණිත ආදී ඕනෑම අංශයක සිසුන්ට මෙම සංගම් හරහා ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව යම්කිසි දැනුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ තුළින් දරුවන් තුළ මුල්‍ය අධ්‍යයනයේ නව මානයක් ඇති කිරීමට අප අදහස් කරනවා.

මෙහිදී අප උත්සාහ කරන්නේ වැඩමුළු, සම්මන්ත්‍රණවලට අමතරව ප්‍රායෝගික වශයෙන් වැඩි දැනුමක් ලබා දීමටයි. වත්මන් සිසු පරපුර අනාගතයේ සමාජගත වන විට ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ ඔවුන් සතු දැනුම අවබෝධය කෙසේ විය යුතුද යන්න ඉලක්ක කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඔවුන් සමාජගත කිරීමට සූදානම් කිරීමකුත් මෙමගින් සිදු වෙනවා. විශේෂයෙන් තමන්ටම ව්‍යවසායකයෙක් වී ඵලදායී අන්දමට තමන්ගේ මෙන්ම රටේ දියුණුවටත් සම්බන්ධ වීමට ඔවුන් උනන්දු කෙරෙනවා.

මෙම වැඩසටහනේ අංග කිහිපයක් තිබෙනවා. එහිදී දැනුම, අවබෝධය සඳහා වැඩමුළු පැවැත්වීම මෙන්ම තරගයක් පැවැත්වීම මඟින් ප්‍රායෝගික දැනුම වර්ධනය කර ගැනීමටත් සිසුන් උනන්දු කරවනවා.

විශේෂයෙන් පාසල්වලට රුපියල් ලක්ෂය බැගින් ලබා දී ඒවා ආයෝජනය කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දීමත් ඒ තුළින් ඔවුන් ලබන සාර්ථකත්වය මත එම පාසල්වලට ත්‍යාගයක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි පළමු ස්ථානය ලබා ගන්නා පාසලේ ප්‍රාග්ධන වෙළෙඳපොල සංගමයේ සාමාජිකයන් 10 දෙනා සහ සංගමය බාර ගුරුවරයාට සිංගප්පූරුවට ගොස් එහි කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් අප සකස් කරමින් සිටිනවා. අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව සහ ජනාධිපති කාර්යාලයේ අධික්ෂණය යටතේ මෙම වැඩකටයුතු ක්‍රියාත්මක කෙරෙනවා.

අද රටක් ලෙස අපට ආර්ථික වශයෙන් යම් යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ අප අතර බහුතරයකගේ මූල්‍ය සාක්ෂරතාව අවම වීමයි. පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව වෙනත් රටවල් සමඟ සංසන්දනය කිරීමේ දී අප සතුටුදායක ස්ථානයක නැහැ. එය වැඩි දියුණු කිරීම ඉතා වැදගත්. එමඟින් අනාගත පරපුර රටේ ආර්ථිකයට වඩාත් ඵලදායී අන්දමින් සහභාගී වීමේ ප්‍රවණතාවක් ඇති වන බව විශ්වාසයි. ඒ වගේම පෞද්ගලික සාර්ථකත්වයටත් මූල්‍ය අධ්‍යාපනය ඉතා වැදගත් සාධකයක් බව කිවයුතුයි.

ඒ වගේම සුළු පරිමාණ ව්‍යාපාරවලටත් කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ වී ප්‍රාග්ධනයක් ලබා ගෙන ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට දැන් අවස්ථාව තිබෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මේ දැනුම ඉවහල් වෙනවා. ඉන්දියාව වැනි දියුණු ආර්ථිකයක් සහිත රටවල ප්‍රාග්ධන වෙළෙඳපොල කියන්නේ බෙහෙවින් භාවිත වන එකක්. කොටස් වෙළෙඳපොළක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය දළ ජාතික නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස ගණනය කරනවා.

එය ලංකාවේ නම් 25%ක් පමණ වෙනවා. එය ඉන්දියාව වැනි රටක 80%- 85% ක් , මැලේසියාව 100%ක් පමණ ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව කොටස් වෙළෙඳපොළේ දායකත්වය රටක ආර්ථිකයට ඉතා ඉහළ බලපෑමක් සිදු කරන බවට එය හොඳ උදාහරණයක් වෙනවා. අපේ ‍රටේ කොටස් වෙළෙඳපොළත් එම තත්ත්වයට ගෙන යා යුතුයි. ඒ සඳහා මූල්‍ය සාක්ෂරතාවත් ඉහළ තත්ත්වයක තිබිය යුතුමයි. මෙම ප්‍රාග්ධන වෙළෙඳපොල සංගම් මඟින් උත්සාහ කරන්නේ ඒ තත්ත්වය ඇති කිරීමටයි.

කොටස් වෙළෙඳපොළ කටයුතු සිදු කෙරෙන්නේ ඩිජිටල් ක්‍රමයට නිසා අද තරුණ පරපුරට එය හැසිරවීම වඩාත් පහසු වෙනවා. මොකද මේ සියලු කටයුතු ඇඟිළි තුඩේ දුරිනුයි තිබෙන්නේ. ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකතනය හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු හැසිරවීම් කළ හැකියි. එය ප්‍රචලිත කිරීම වඩාත් සුදුසු වන්නේ පාසැල් මට්ටමින් බව ජනාධිපතිතුමා තීරණය කර තිබෙන්නේ පාසැල් සිසුන් හා ඩිජිටල් තාක්ෂණය අතර පවතින මෙම සමීප බව නිසයි. ඇත්තටම ජනාධිපතිතුමාගේ එම අදහස ඉතා ‍කාලෝචිතයි. එය සාර්ථක වන බවට දැඩි විශ්වාසයක් අප තුළ තිබෙනවා.

සම්ප්‍රදායිකව රජයෙන් රැකියා ලබා දෙන තුරු බලා නොසිටින්නට නම් පාසල් සිසුන් අලුත් විදියට සිතන්න ඕන. ඩිජිටල්කරණය හා තාක්ෂණය සමඟ වත්මන් තරුණ පරපුරට ගෝලීය වශයෙන් ලැබෙන අවස්ථා අසීමිතයි. අප මේ තුළින් සිදු කරන්නේත් ඔවුන්ට ඒ සඳහා මඟ පෙන්වීමක් ලබාදීමයි. අප සිසු පරපුර අතරට ගෙන යා යුත්තේ ව්‍යවසායකත්වයයි. අප මෙම වැඩසටහන තුළින් එම වගකීම ඉටු කරන බව කිව යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21