ජනපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් වෙනුවෙන් ගොනු කළ පෙත්සම විභාගයට දින ලැබෙයි

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 08 වනදා සලකා බැලීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ද ඊයේ (04) දිනයේ දී ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කළා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ; මෙම පෙත්සම්කාර පාර්ශ්වය කිසිදු අයුරකින් නීති උපදෙස් හෝ නොගෙන මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවත්; ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් නොව 05ක් බවත් අවබෝධ කරගත යුතු බවයි.

එමෙන්ම මෙම වසරේ දී නියමිත පරිදි ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබීම නිවැරදි බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එම පෙත්සම සම්බන්ධයෙනුයි මෙලෙස එළඹෙන 08 වැනි දින සලකා බැලීමට දින ලබා දී ඇත්තේ.

මේ අතර ජනපතිවරණය මේ වසරේ පැවැත්වීමට එරෙහි ව ගොනු කළ පෙත්සමට අතරමැදි පාර්ශ්වයක් ලෙස ජාතික ජන බලවේගයක මැදිහත් වීමට තීරණය කර තිබෙනවා.

ඊට අවසර ඉල්ලමින් ආචාර්ය හරිනි අමරසූරිය, විජිත හේරත් සහ එරංග ගුණසේකර අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන විශේෂ පෙත්සම ද අද පස්වරුවේ ගොනු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03