AFC Banner
AFC Banner
Empty Ad

ජනපතිවරණයේ ප්‍රචාරක රැළිවලට සෙනඟ අදින්න බස් රථවලට කෝටි 200ක් (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (17) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙලෙස බස් රථ ලබාදීම හරහා රුපියල් කෝටි 100 කට ආසන්න ලාභයක් ලබා ඇති බවයි.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු හෙට දිනයේ දී පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් 1500ක් පමණ දැනටමත් ඉල්ලුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙහිදී අදහස් දැක් වූ සභාපතිවරයා පැවසුවේ ප්‍රචාරක රැළි සඳහා බස් රථ ලබාගැනීමේ දී වැඩිම බස් ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවයි.

ඔවුන් මීට මාස 06කට පෙර සිට මෙම බස් ලබාගැනීම සිදුකර ඇති බව මෙහිදී ඔහු අනාවරණය කළා.

මේ අතර මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 500 කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවා ඇති බව ඔහු කියා සිටියා.

එමෙන්ම මැතිවරණය හේතුවෙන් මහජනතාවට ප්‍රවාහන පහසුකම සලසා ගැනීමට 20 වන දින බස් රථ 50%ක පමණ ප්‍රමාණයක් ධාවනයට යොදවන බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම මැතිවරණය පැවැත්වෙන 21 වන දින 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් බස්රථ ධාවනය සඳහා එක්කර බවත් දුර ගමන් සේවා බස් රථවල විශාල අඩුවක් එදින සිදුවන බවත් සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
25
+1
3
+1
4
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?