AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිවරණයට තැපෑල අද සිට වැඩ අරඹයි – මැතිවරණ කටයුතු සඳහා තැපැල් සේවකයින් 12,000ක්

ජනාධිපතිවරණයට අදාළ සියලුම තැපැල් කටයුතු අද (26) දිනයේ සිටම ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා.

ඒ, අනුව පළමු චක්‍රලේඛනය තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යභාර නිලධාරීන්ට මේ වනවිටත් යවා ඇති බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

මේ සමඟ මැතිවරණයට අදාළ සියලු ලිපි ලේඛන භාරගැනීමේ හැකියාව පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා සේවකයන් අටදාහක් පමණ යෙදවීමට බලාපොරොත්තුවන බව ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

එමෙන්ම මෙවර මැතිවරණ කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සමස්ථ සේවකයන් දොළොස්දහක් පමණ යෙදවීමට බලාපොරොත්තුවන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?