ජනපතිවරණයට තැපෑල අද සිට වැඩ අරඹයි – මැතිවරණ කටයුතු සඳහා තැපැල් සේවකයින් 12,000ක්

ජනාධිපතිවරණයට අදාළ සියලුම තැපැල් කටයුතු අද (26) දිනයේ සිටම ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා.

ඒ, අනුව පළමු චක්‍රලේඛනය තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යභාර නිලධාරීන්ට මේ වනවිටත් යවා ඇති බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

මේ සමඟ මැතිවරණයට අදාළ සියලු ලිපි ලේඛන භාරගැනීමේ හැකියාව පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා සේවකයන් අටදාහක් පමණ යෙදවීමට බලාපොරොත්තුවන බව ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

එමෙන්ම මෙවර මැතිවරණ කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සමස්ථ සේවකයන් දොළොස්දහක් පමණ යෙදවීමට බලාපොරොත්තුවන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06