ජනපතිතුමාට ඕනෑම වෙලාවක අපව ධුරවලින් ඉවත් කරන්න පුළුවන් – ඇමති ගම්මන්පිල

තමන් ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් තුන් දෙනෙකු එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ නම්, ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින්, යුගදනවි ගිවිසුම සම්බන්ධ කැබිනට් තීරණයට එරෙහි ව අධිකරණයට යාම සහ එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවට අද පළ වී තිබූ පුවත්පත් වාර්තාවලට පිළිතුරු ලබාදෙමින්.

පුවත්පත් කතුවරුන් සමඟ ඊයේ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබූ බව අද, ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා.

කැබිනට් තීන්දුවකට එරෙහි ව අධිකරණයට යන්නේ නම් අමාත්‍ය ධුරය ඉවත් වී එය සිදු කළ යුතු බව ජනාධිපතිවරයා එහි දී සඳහන් කළ බවයි එම වාර්තාවල දක්වා තිබුණේ.

මේ සම්බන්ධයෙන් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ, යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තමන් ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා කිසිදු වරදක් සිදු කර නොමැති බවයි.

අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇත්තේ.

යුගදනවි ගිවිසුම පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය වැරැදී යැයි ජනාධිපතිවරයා පැවසීම ඒතුමාගේ මතය බව පැවසූ අමාත්‍ය උදය ගම්මන්පිල, එය හෙළිකිරීම වැරැද්දක් නොවන බව තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මතය බව ද සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22