ජනපතිට 2025 වසරේ ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට අවස්ථාව (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති ගරු Khaled Nasser AlAmeri මහතා කතානායක අසෝක රන්වල මහතා හමු වී තිබෙනවා.

මෙම හමුවීම ඊයේ (9) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී තානාපතිවරයා සඳහන් කළේ 2025 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත ලෝක රාජ්‍ය සමුළුව (WGS) ඇමතීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් මෙරට ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනා කිරීමට නියමිත බවයි.

2024 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙම සමුළුව ඇමතූ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය රාජ්‍ය සේවය මෙහෙයවීම මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සිදු කිරීම බව මෙහිදි සඳහන් වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය වන විශේෂඥ දැනුම බෙදාගැනීමට තම රාජ්‍ය කැමැත්තෙන් සිටින බව ද තනාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විනිවිදභාවයෙන් යුතු ආකර්ෂණීය ආයෝජන ක්‍රවේදයන් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෘත්තීයමය දක්ෂතාවයෙන් යුතු සාමකාමී පිරිසක් ලෙස අගය කරන බව ද තානාපති Khaled Nasser AlAmeri මහතා මෙහිදි වැඩිදුරටත් පැවසුවා.

55a7f442 8ba4 43ef bce0 76b5a4d35c0b
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?