ජනපතිට 2025 වසරේ ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට අවස්ථාව (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති ගරු Khaled Nasser AlAmeri මහතා කතානායක අසෝක රන්වල මහතා හමු වී තිබෙනවා.

මෙම හමුවීම ඊයේ (9) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී තානාපතිවරයා සඳහන් කළේ 2025 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත ලෝක රාජ්‍ය සමුළුව (WGS) ඇමතීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් මෙරට ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනා කිරීමට නියමිත බවයි.

2024 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙම සමුළුව ඇමතූ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය රාජ්‍ය සේවය මෙහෙයවීම මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සිදු කිරීම බව මෙහිදි සඳහන් වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය වන විශේෂඥ දැනුම බෙදාගැනීමට තම රාජ්‍ය කැමැත්තෙන් සිටින බව ද තනාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විනිවිදභාවයෙන් යුතු ආකර්ෂණීය ආයෝජන ක්‍රවේදයන් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෘත්තීයමය දක්ෂතාවයෙන් යුතු සාමකාමී පිරිසක් ලෙස අගය කරන බව ද තානාපති Khaled Nasser AlAmeri මහතා මෙහිදි වැඩිදුරටත් පැවසුවා.

55a7f442 8ba4 43ef bce0 76b5a4d35c0b
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53