ජනපතිගේ සංචාරයට විරෝධය දැක්වූ වේලන් ස්වාමි අත්අඩංගුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සංචාරයක නිරතවන අවස්ථාවේදී එයට විරෝධය පාමින් විරෝධතාවකට සහභාගී වී කලහකාරී ලෙස හැසිරුණු ජනතා නැගිටීමේ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක වේලන් ස්වාමි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරු ගෙන ඇප මත මුදා හැරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පසුගිය 15 වනදා යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති තෛපොංගල් උත්සව අවස්ථාවේදී ඊට විරෝධය පාමින් පොතුවිල් ප්‍රදේශයේ සිට පොලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනක් පැවැත්වුණා.

එහිදී විරෝධතාවයට සහභාගී වූ යාපනය සරසවි සිසුන් සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සමග අත්අඩංගුවට පත් වේලන් සවාමිවරයාද සහභාගී වූ අතර විරෝධතාවය අතර නොසන්සුන්තාවයක් ඇති වී පොලීසිය විසින් ජල ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුවා.

එම විරෝධතාවය අතරතුරදී පොලීසියේ රාජකාරියට බාධාකිරීම, පොලිස් නිලධාරීන්ට බැනවැදීම, මහජන සාමය කඩකිරීම ඇතුළු ආදි චෝදනා මතයි ඊයේ රාත්‍රියේ වේලන් ස්වාමිවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඔහුගෙන් පැය 3ක පමණ කාලයක් ප්‍රශ්න කර යාපනය මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණා.

එහිදී වේලන් ස්වාමිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුලු නීතිඥවරුන් 5 දෙනෙකු පමණ පෙනීසිට තිබෙනවා.

යාපනය මහේස්ත්‍රාත් පී.ජස්ටින් මහතාගේ නිල නිවසට ඊයේ රාත්‍රියේ වේලන් ස්වාමිවරයා රැගෙන ගොස් ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගත් අතර එහිදී වේලන් ස්වාමිවරයාට දැඩි ලෙස අවවාද කර ඇප මත මුදා හැරීමටයි මහේසේත්‍රාත්වරයා නියෝග කළේ.

මේ අතර එම විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුනු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු සහ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇතැයි යාපනය පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58