ජනපතිගේ ශෝක පණිවුඩය

අපවත් වූ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙනුවෙන් ජනපති ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවුඩය පහතින්

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති ආචාර්ය සද්ධම්මජෝතිකධජ අතිපූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස අභිධාන නාහිමිපාණන් වහන්සේ අපවත් වූ පුවත සැල වීමෙන් මම සාතිශය සංවේගයට පත් වීමි.

පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ ශ්‍රී මහා බෝධී සංස්කෘතියේ චිර පැවැත්මෙහි අවිච්ඡින්න උරුමය තහවුරු කිරීම උදෙසා කරන ලද කැපවීම සදානුස්මරණීය වේ. එමෙන්ම මහා විහාර සඟ සිරිත සුරක්ෂිත කිරීමට නායක හිමිපාණන් වහන්සේ මූලික විය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන අටමස්ථානයේ පැවැත්ම පිණිස බෝමළුව සංඝ පරම්පරාවේ ශිෂ්‍යවරයන් වහන්සේලාගේ ශාසනික වත් පිළිවෙත් චාරිත්‍ර සහ සම්ප්‍රදායන් ද ආරාමික හා නූතන අධ්‍යාපන පරිචයන්ද ලබා දීමේදි නායක ස්වාමීන්වහන්සේගෙන් ඉටු වූ සේවය වැදගත් මෙහෙවරකි.

පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ තත්කාලීන සමාජ අවකාශයන් හා නූතන ප්‍රවණතාවයන්ට සවිඥාණික වෙමින් පෞරාණිකත්වය ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කළ නායක ස්වාමීන් වහන්සේ නමකි. සමාජ දේශපාලනික ප්‍රවාහයන් සමඟ නොගැටී තම පැවිදි ප්‍රතිරූපය රැක ගනිමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන අටමස්ථානයේ ගෞරව සම්ප්‍රදාය තහවුරු කරගත් නායක භික්ෂුන් වහන්සේ නමක ලෙස ද මම මැනවින් උන්වහන්සේ හඳුනමි.

ශ්‍රී ලාංකික බෞද්ධ උරුමයේ මූල ශුද්ධ පූජා භූමියේ නූතන ආරක්ෂකයාණන් වහන්සේ ලෙස නායක ස්වාමින් වහන්සේ විසින් ඉටු කරන ලද ප්‍රශස්ත කැපවීම ගෞරවණීයව සිහිපත් කරමි. පුරා විසි පස් වසරක් ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසහාය පූජා භූමිය ආරක්ෂා කරගත් ගෞරව බහුමානය උන්වහන්සේට හිමිවන්නේය.

ක්‍රි.ව.1997 වර්ෂයේදී හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම ඥාණරතන නාහිමියන් වහන්සේ අපවත් වීමත් සමඟම එවකට රුවන්වැලි මහසෑයාරාමාධිපතිව වැඩ විසූ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානයේ අධීෂ්වරයාණන් වහන්සේ සේ පත්විය. උන්වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන අටමස්ථානයේ විහාරාධිපතින් වහන්සේ සේ පත්වීමත් සමඟ ශ්‍රි මහා බෝධීන් වහන්සේ ප්‍රධාන අටමස්ථානයේ පුනරුදයක් ඇති වූ බව සැබෑ කාරණයකි.

වෙසසින්ම මෙහිදි සිහිපත් කළ යුතු වන්නේ ක්‍රි.ව. 2002 වර්ෂයේ මා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන රන්වැට ස්ථාපිත කිරීමට ද අපවත් වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට හැකි වීමය.

පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් පූජනීය අටමස්ථානය ගෞරවණීයත්වයෙන් සහ පූජනීයත්වයෙන් ඔප් නංවාලීමට ද, මහාමෙව්නාවේ යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට ද කැපවී මුල් වුණේය. මෙහිදී මතක් කළ යුතු වැදගත් කරුණකි. එනම්, ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ රැකවරණය වෙනුවෙන් ස්ථාපිත වූ ශෛල ප්‍රාකාරය සහ ආරක්ෂක පවුර යළි ප්‍රකෘතිමත් කිරීමට උන්වහන්සේ ගත් අපරිමිත කැපවීමය.

එමෙන්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව වැඩ වාසය කිරීම සහතික කිරීම වස් උද්භිද විද්‍යාත්මක සත්කාරයන් මනා කොට ඉටු කර ගැනීමට උන්වහන්සේ මුල් විය. මහා විහාරය ලාංකික බුදු දහමේ කේන්ද්‍රීය භූමිය ලෙස ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැදගත්කම නායක ස්වාමීන්වහන්සේ මනා කොට වටහා ගෙන කටයුතු කළේය. එමෙන්ම උන්වහන්සේ උතුරු මැද පළාතේ දුගී ජනතාව උසස් ජිවන තත්ත්වයකට නංවාලීමේ සුභසාධන කටයුතුවල ද නියැලුණු නායක ස්වාමීන් වහන්සේ නමකි.

වෙසසින්ම මේ මොහොතේ මාගේ රාජතාන්ත්‍රික දේශපාලන කටයුතු සඳහා ලෙන්ගතුව අවවාද අනුශාසනා මෙන්ම නායක හිමිපාණන් කළ මඟ පෙන්වීම් කෘතවේදීව සිහිපත් කර සිටිමි.

ගෞරවණීය නායක ස්වාමීන්වහන්සේගේ අපවත් වීමෙන් සංවේග ප්‍රාප්ත වූ අටමස්ථාන විහාරභාරකාර ස්වාමීන් වහන්සේලාට ද ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ඥාතීන්ට ද දායකයන්ට සහ බෞද්ධ ජනතාවට ද මාගේ ශෝකය ප්‍රකාශ කර සිටිමි.

අපවත් වී වදාල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජනීය අටමස්ථානාධිපති ආචාර්ය සද්ධම්මජෝතිකධජ පූජ්‍ය පල්ලේගම සිරි සුමන ධම්මරක්ඛිත සිරිනිවාස අභිධාන නාහිමිපාණන් වහන්සේට උන්වහන්සේ ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ නිර්වාන සම්පත්තිය ප්‍රාර්ථනා කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22