ජනපතිගේ විදේශ ප්‍රතිපත්තිය විදේශ ඇමතිගේ ඇගයීමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙන අතර අද ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය, අලි සබ්‍රි පවසනවා.

එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස අපට පසුගිය වසරේ සිට විශාල කාර්යභාරයක් පැවරී තිබුණා. පසුගිය සමයේ ඇති වූ යම් යම් සිදුවීම් නිසා ඇතැම් විදෙස් රටවල් සමඟ අපේ සම්බන්ධතා පළුදුව තිබුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙනවා. ඒ වගේම අද ශ්‍රී ලංකාව ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටිනවා.

එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කිරීම රජයේ අරමුණ බව කිවයුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ සියලුම රටවල් සමග මිත්‍රශීලි සබඳතා ගොඩනගා ගැනීමයි. කිසිවකු සමඟ අමනාප නොවීමටත්, කිසිදු කඳවුරකට ගැති නොවීමටත් එහිදී වගබලා ගනු ඇතියි.

මෙම මිත්‍රශීලි සබඳතා තුළ රට වෙනුවෙන් ‌ෙඑතිහාසික පියවර ගණනාවක් ගැනීමට අප සමත්ව තිබෙනවා. අඩු ආදායම් ලබන රටවල්වල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සමාජය තුළ යම් යාන්ත්‍රණයක් තිබෙනවා. නමුත් අඩු ආදායම්ලාභී රටවල්වලට වඩා ඉහළින් සිටින රටක් වශයෙන් අපේ රටට අදාළව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. එනිසා අපටම ආවේණික වූ යාන්ත්‍රණයක් සකස් කිරීමට සිදු වුණා. එහිදී පැරිස් සමාජයෙන් පිටත සිටින ඉන්දියාව චීනය සහ ජපානයේ ද සහාය ලැබීම හේතුවෙන් පැරිස් සමාජය තුළින් යම් යම් උපකාර ලබා ගැනීමට අපට හැකි වුණා.

ඒ අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය ලබාදීමට පසුගිය මාසය වන විට සියලුම රටවල් එකඟත්වය පළ කළා. මේ නිසා අනිකුත් රටවල්වලට සාපේක්ෂව අප රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම දෙසැම්බර් 12 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට ඉන් අනතුරුව අපට හැකියාව ලැබෙනවා.

මෙම දෙවැනි වාරිකය ලබා ගැනීමට සමත්වීම තුළ ශ්‍රී ලංකාව නිවැරදි දිශානතියකට ගමන් කරන බවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තරයේ පිළිගැනීම වී තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ඉන්දියාව, චීනය මෙන්ම බටහිර රටවල් සහ මැද පෙරදිග රටවල් ඇතුළු සියලුම රටවල ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීමට ජනාධිපතිතුමාගේ නිවැරදි තීන්දු තීරණ ඉවහල් වූ බව කිවයුතුයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් පසු අපේ රට බංකොලොත්භාවයෙන් මිදුණු රටක් බවට ලෝකයට ප්‍රකාශ කිරීමට අපට හැකියාව ලැබෙනවා. මෙරට ජනතාව ඉතා අසීරු කාලයක් පසු කළා. නමුත් අද වන විට ක්‍රම ක්‍රමයෙන් රට එම තත්ත්වයෙන් මුදවා ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් අපට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ණය ගෙවීමේ ප්‍රමාණය අඩු කර ගැනීම සහ පොළිය අඩු කර ගැනීම තුළින් අපට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක සහනයක් රටට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. රටට ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට නම් නව ආයෝජකයන් අවශ්‍යයි. ඒ සඳහා වූ වැඩපිළිවෙල දැන් අප ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ මුල් කාර්තුව වන විට රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට ඉහළ නංවා ගැනීමට හැකිවෙයි කියා අප විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?