ජනපතිගේ විදේශ ප්‍රතිපත්තිය විදේශ ඇමතිගේ ඇගයීමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙන අතර අද ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය, අලි සබ්‍රි පවසනවා.

එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස අපට පසුගිය වසරේ සිට විශාල කාර්යභාරයක් පැවරී තිබුණා. පසුගිය සමයේ ඇති වූ යම් යම් සිදුවීම් නිසා ඇතැම් විදෙස් රටවල් සමඟ අපේ සම්බන්ධතා පළුදුව තිබුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙනවා. ඒ වගේම අද ශ්‍රී ලංකාව ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටිනවා.

එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කිරීම රජයේ අරමුණ බව කිවයුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ සියලුම රටවල් සමග මිත්‍රශීලි සබඳතා ගොඩනගා ගැනීමයි. කිසිවකු සමඟ අමනාප නොවීමටත්, කිසිදු කඳවුරකට ගැති නොවීමටත් එහිදී වගබලා ගනු ඇතියි.

මෙම මිත්‍රශීලි සබඳතා තුළ රට වෙනුවෙන් ‌ෙඑතිහාසික පියවර ගණනාවක් ගැනීමට අප සමත්ව තිබෙනවා. අඩු ආදායම් ලබන රටවල්වල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සමාජය තුළ යම් යාන්ත්‍රණයක් තිබෙනවා. නමුත් අඩු ආදායම්ලාභී රටවල්වලට වඩා ඉහළින් සිටින රටක් වශයෙන් අපේ රටට අදාළව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. එනිසා අපටම ආවේණික වූ යාන්ත්‍රණයක් සකස් කිරීමට සිදු වුණා. එහිදී පැරිස් සමාජයෙන් පිටත සිටින ඉන්දියාව චීනය සහ ජපානයේ ද සහාය ලැබීම හේතුවෙන් පැරිස් සමාජය තුළින් යම් යම් උපකාර ලබා ගැනීමට අපට හැකි වුණා.

ඒ අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය ලබාදීමට පසුගිය මාසය වන විට සියලුම රටවල් එකඟත්වය පළ කළා. මේ නිසා අනිකුත් රටවල්වලට සාපේක්ෂව අප රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම දෙසැම්බර් 12 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට ඉන් අනතුරුව අපට හැකියාව ලැබෙනවා.

මෙම දෙවැනි වාරිකය ලබා ගැනීමට සමත්වීම තුළ ශ්‍රී ලංකාව නිවැරදි දිශානතියකට ගමන් කරන බවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තරයේ පිළිගැනීම වී තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ඉන්දියාව, චීනය මෙන්ම බටහිර රටවල් සහ මැද පෙරදිග රටවල් ඇතුළු සියලුම රටවල ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීමට ජනාධිපතිතුමාගේ නිවැරදි තීන්දු තීරණ ඉවහල් වූ බව කිවයුතුයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් පසු අපේ රට බංකොලොත්භාවයෙන් මිදුණු රටක් බවට ලෝකයට ප්‍රකාශ කිරීමට අපට හැකියාව ලැබෙනවා. මෙරට ජනතාව ඉතා අසීරු කාලයක් පසු කළා. නමුත් අද වන විට ක්‍රම ක්‍රමයෙන් රට එම තත්ත්වයෙන් මුදවා ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් අපට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ණය ගෙවීමේ ප්‍රමාණය අඩු කර ගැනීම සහ පොළිය අඩු කර ගැනීම තුළින් අපට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක සහනයක් රටට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. රටට ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට නම් නව ආයෝජකයන් අවශ්‍යයි. ඒ සඳහා වූ වැඩපිළිවෙල දැන් අප ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ මුල් කාර්තුව වන විට රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට ඉහළ නංවා ගැනීමට හැකිවෙයි කියා අප විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03