ජනපතිගේ මැයි දින පණිවිඩය

අදට යෙදී තිබෙන ජාත්‍යන්තර මැයි දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ මැයි දින පණිවිඩය පහත දැක්වෙනවා.

“අප රජය මහජනතාවට පොරොන්දු වූ ආකාරයට ජාතික ආරක්ෂාවත්, ස්වෛරීත්වයත් තහවුරු කර ඇත. එසේම අපේ උරුමයන්ට සහ දේශීයත්වයට කිසිම හානියක් නොවන පරිද්දෙන් ක්‍රියාමාර්ග ගෙන ඇත. දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කෙරෙන අතරම, කෘෂි ආර්ථිකයද ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ගනිමින් පවතී. බොහෝ කම්කරු ප්‍රජාවන් දැඩි පීඩාවට පත් කරන දුප්පත්කම අප සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතී.

වර්තමානයේ පවතින කොවිඩි 19 වසංගතයෙන් ලොව වඩාත් අභියෝගයට ලක්වන කණ්ඩායම කම්කරු‍ ප්‍රජාවය. අපේ රටේ වැඩ කරන ජනතාවට ද මුහුණදීමට සිදුවන ඒ යථාර්ථය ආණ්ඩුව නිවැරදිව අවබෝධ කර ගෙන සිටී. එබැවින්, වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය අඩාල වන සීමා පැනවීම නොකොට ඔවුන්ගේ ජීවිත යථාවත්ව ගෙන යාමට රජය නිරතුරුවම කටයුතු කරයි.

අධ්‍යාපන සුදුසුකම් නොමැතිකම නිසා අසහනයට පත්ව සිටි ශ්‍රමිකයන් ලක්ෂයකට රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා උදා කිරීමෙන් ඉහළම වරප්‍රසාදය හිමිවූයේ වැඩ කරන ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලටය. කොවිඩි වසංගතයෙන් අඩපණ වූ ජන ජීවිතය ගොඩනැගීමට රුපියල් පන්දහසේ දීමනාව දුන් රජය වැඩ කරන ජනතාවගේ ජීවන අරගලයට සහාය විය.

අලුත් අවුරුදු උත්සව සමයේ ද රුපියල් පන්දහසක දීමනාව ජනතාව අතට පත් කිරීමට රජය කැප විය. කොවිඩි වසංගතය හමුවේ රාජ්‍ය සේවකයාගේ කිසිදු වේතනයක් කප්පාදු නොකිරීම සේම රාජ්‍ය සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක සියලු වැඩසටහන් අඛණ්ඩව පවත්වා ගෙන යමින් කටයුතු කිරීමෙන් ආරක්ෂා වූයේ වැඩ කරන ජනතාවගේ අයිතියයි. එසේම වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට රජය පියවර ගැනීමෙන් එම කණ්ඩායමේ ද ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය කටයුතු කෙළේය.

ආනයනික භාණ්ඩ දහනවයක සීමා පැනවීමෙන් ශක්තිමත් වන දේශීය ආර්ථිකයේ ප්‍රතිලාභ වැඩිපුර හිමිවන්නේ අපේ රටේ ගොවි ජනතාව ප්‍රමුඛ වැඩකරන ජනතාවටය. උත්සව සමයේ ගොවි අස්වැන්න විකුණා ගැනීමට වූ බාධා ඉවත් කිරීමෙන් ඔබ ශක්තිමත් වූ බව අපි දනිමු. “ගම සමග පිළිසඳර” වැඩසටහන සේම “වැඩ සමග යළි ගමට” ව්‍යාපෘති රටේ වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය හා ඍජුව බද්ධ වී තිබේ.

කොවිඩි වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස දෙවන වසරටත් අඛණ්ඩව මැයි දින සැමරුම් හා පෙළපාලි කම්කරු ජනතාවට අහිමිව තිබේ. එසේ වුවද ඔබගේ අධිෂ්ඨානය, කැපවීම හා අරගලය ශක්තිමත් බව අපි දනිමු. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ වැඩපිළිවෙල සමග අත්වැල් බැඳගන්නා ඔබට, ජාත්‍යන්තර කම්කරු අයිතීන් සුරක්ෂිත කළ, අර්ථවත් කළ සතුට සමගින් ජාත්‍යන්තර කම්කරු දිනයට මම සුබ පතමි.

අපේ රටේ වැඩ කරන ජනතාවට ජය පතමි.

ගෝඨාභය රාජපක්ෂ”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33