ජූලි නමවෙනිදා පැවති ප්‍රචන්ඩකාරී සිදුවීම් වලදී කොල්ලුපිටියේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ඇතුලුවී ගිනිතබා දේපල හානි සිදුකිරීම හා සොරකම් කිරීම සම්බන්ධව සැකකරුවෙකු (29)ඊයේ රාත්‍රී කාලයේදී කොට්ටාව නගරයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්ඩංගුවට ගෙන ඇත.
එම සැකකරු වයස අවුරුදු 33ක් වන ගල්බොක්ක, අරනායක ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මිකයෙකු වේ.
සැකකරු අද(30)දින කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.













