spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“ජනපතිගේ දර්ශනයයි මගේ දර්ශනයයි එක වගේ ” – හර්ෂ

අලුත් රටක් ගොඩනැගීමට නම් සීමිත කාලයක් සඳහා සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ රජයක් පිහිටු විය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එසේ කළහොත් අනාගත පරම්පරාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි වන බව ද එම පණිවුඩයේ සඳහන් වේ.

ඉන්දු – පැසිෆික් ආර්ථික බල ප්‍රදේශය තුළ ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස නවීන අපනයන ක්‍රියාවලියට නැඹුරු වූ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් දක්වා දියුණු කළ යුතු යැයි ද ඔහු පවසා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ වැඩසටහනට තමන් එකඟ බව ත් එය තම දර්ශනය හා සමාන වන බව ත් ඔහු එහි දක්වා තිබේ.

ඒ සඳහා විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව ත් මහ ජනතාව එකඟ කරවා ගැනීම ද කළ යුතු බව ත් මන්ත්‍රීවරයා එම පණිවුඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

image 28
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?