චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීමට එක්ව තිබෙනවා.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට ද එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ඊට ආචාර දැක්වීම ද සිදු කෙරුණා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවන්ට එක්ව සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
1
+1
+1
+1
+1




