ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය 2023 නොවැම්බර් 02 දිනැතිව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර තිබෙනවා.

පවත්නා මැතිවරණ නීති පිළිබඳව පරීක්ෂා කර බලා මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය උපමාන සකස් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සාමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටුකිරීමේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීති රීති ශක්තිමත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳව තොරතුරු ලබා ගැනීම, විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීමයි මෙම කොමිෂන් සභාවට පැවරෙන්නේ.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතෙහි 2 වන සහ 3 වන වගන්තිවල විධිවිධාන ප්‍රකාරව මෙම කොමිෂන් සභාව පත් කර ඇති අතර විශ්‍රාමික අගවිනිසුරු ජනාධිපති නීතිඥ වැවගේ ප්‍රියසත් ජෙරාර්ඩ් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිෂමේ සෙසු කොමසාරිස්වරුන් ලෙස සුන්දරම් අරුමෛනායගම් සේනානායක අලිසැන්ඩ්‍රලාගේ, ජනාධිපති නීතිඥ නලින් ජයන්ත අබේසේකර,රජිත නවීන් ක්‍රිස්ටෝපර් සේනාරත්න, අහමඩ් ලෙබ්බෙ මොහොමඩ් සලීම්, සාගරිකා දෙල්ගොඩ, එස්තර් ශ්‍රියාණි නිමල්කා ප්‍රනාන්දු, විතාරණගේ දීපානි සමන්ත රොඩ්රිගෝ යන අය පත් කර තිබෙනවා.

එසේම කාන්තා හා තරුණ නියෝජනය වැඩිකිරීම, මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දින සිට එකී මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරනු ලබන දින දක්වා වන කාලය අඩුකිරීම, ඡන්දය භාවිතා කිරීමේදී මුද්‍රිත ඡන්ද පත්‍රිකාවක් භාවිතා කිරීම වෙනුවට නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉලෙක්ට්‍රොනිකව ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීමට ද කොමිෂමට උපදෙස් දී තිබෙනවා.

එසේම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය උපමාන සකස් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සාමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටුකිරීමේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීති රීති ශක්තිමත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම, යෝජිත ව්‍යවස්ථාව ද ඇතුළත්ව පහත කරුණු පිළිබඳව නිර්දේශයන් ඉදිරිපත් කිරීම ද මෙම කොමිසමට පැවරෙනවා.

තවද ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයා සහ දේශපාලන පක්ෂ අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් තහවුරු කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයද ඇතුලත්ව ගෝලීය වශයෙන් පිළිගත් සංවිධාන ගණනාවක් විසින් දේශපාලන පක්ෂවල විනිවිදභාවය සහ වගවීම සඳහා නිර්ණායක ඉදිරිපත් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මැතිවරණද ඇතුළත්ව මැතිවරණ ව්‍යාපාරයන්හි මූල්‍ය පිරිවැය සීඝ්‍රයෙන් ඉහළ යාම, දේශපාලනය තුළ මුදලෙහි භූමිකාව සහ ප්‍රතිපත්ති ග්‍රහණයට ඇති අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහිදී පුළුල් අවධානයකට ලක් කර තිබෙන අතර අපරාධ වලට සම්බන්ධ වූවන් දේශපාලන පක්ෂවලට ඇතුළු වීම, ස්ථාවර දේශපාලන පක්ෂ වෙනුවට දේශපාලන අස්ථාවරභාවයට තුඩු දෙන පරිදි කෙටි කාලීන දේශපාලනික පෙරමුණු ආදේශ වෙමින් පැවතීම ද කෙරෙහිද විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

කොමිෂන් සභා වර්තාව මාස 06ක් තුළ ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53
Video thumbnail
ජනතාව දැන් ආණ්ඩුවට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ..සිංහල අලුත් අවුරුද්ද කන්න නෙවෙයි ලෙවකන්න වෙලා..
03:45
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි
00:35
Video thumbnail
අහිංසකයින්ට බදු ගහලා ඒකෙන් ඉන්ධන ගෙනත් විශාල ජාවාරමක් කළා..බොරුවෙන් රජ එක නවත්වන්න
04:03