ජනතා බදු මුදලින් ඉදිකර අභාවයට යන මැදිරිගිරිය බස් නැවතුම්පොළ (වීඩියෝ)

පිබිදෙමු පොළොන්නරුව, සංවර්ධන වැඩසටහනට සමගාමීව 2018 වසරේ ජනතා අයිතියට පත් කෙරුණු මැදිරිගිරිය නව බස්රථ නැවතුම්පොළ මේ වනවිට අභාවයට ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසින් පවසන්නේ, කිසිදු පුද්ගලක් නොපැමිණෙන මෙම බස්නැවතුම්පොළ තුළ විෂමාචාර ක්‍රියාවන් රැසක් සිදු වන බවයි.

රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වැයකරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාළන කාලයේ දී රජයේ ප්‍රතිපාදන මත ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඉදිකරවන ලද මැදිරිගිරිය නව අංග සම්පූර්ණ බස් නැවතුම්පොළ, 2018 වසරේදී ජනතා අයිතියට පත් කෙරුණා.

මේ වන විට වසර හයකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙම බස් නැවතුම්පොලෙන් මේ වන තෙක් තමන්ට කිසිදු සේවාවක් ලැබී නොමැති බවටයි ප්‍රදේශවාසින් පවසන්නේ.

භෝජනාගාරයක්, විවේකා ගාරයක්, අංගසම්පූර්ණ සනීපාරක්ෂක වැසිකිළි පද්ධතියක් සහ බස් රථ ගමන් කරන ස්ථාන සටහන් කරවන digital දැන්වීම් පුවරු ඇතුළු අති නවීනතම පහසුකම්වලින් සමන්විතව මෙම බස් නැවතුම්පළ ඉදිකර තිබෙනවා.

දිවා මෙන්ම රාත්‍රී කාලයේදී ද නොයකුත් සමාජ විරෝධී ක්‍රියා මෙම ස්ථානය ආශ්‍රිතව සිදුවන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

“මේ බලන්න මහත්තයා….මේ තියන්නේ සම්පුර්ණ අරක්කු පැකට්. ඒ කියන්නේ ස්කාගාර සංස්ථාවක් වගේ වෙලා තියන්නේ
මේ… ඔක්කොම … මේ ……මේ සම්පුර්ණ අරක්කු පැකට්.ෂොපින් එක්ක.
පරිසරය දුෂණය වෙනවා ෂොපින් නතර කරන්න කියලා කිව්වට….
ස්ථානාධිපති තුමාගෙන් අපි අහනවා යුක්තිය මෙහෙයුම හරියට කරනවා නම් අයි මෙහෙම වෙන්නේ කියලා.”

බස් නැවතුම්පළට ඉදිරිපසින් කඩ පෙළක්ද ඉදිකර, ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන ලෙස පවත්වාගෙන යෑමට මාසික කුලී පදනම මත ලබා දුන්නත් එම ස්ථානද මේ වන විට වසා දමා තිබෙන්නේ බස් නැවතුම්පළට බස් රථ නොපැමිණීම හේතුවෙන්.

මැදිරිගිරිය නගරය වෙත පැමිණෙන බස්රථ, ප්‍රධාන මාර්ගයේ ගමන් කරන බවත් , අතුරු මාර්ගයක මෙම බස් රථ නැවතුම් පොළ ඉදි කර ඇති නිසා එම බස් රථ නොපැමිනෙණ බවයි රියදුරන් සදහන් කරන්නේ.

රටේ මහජන මුදල් වැය කරමින් විශාල සංවර්ධන ක්‍රියාවලින් සිදු කළත්, ජනතාවට එයින් සෙතක් නොමැති වීම කෙතරම් ඛේද ජනකද? මෙවැනි හේතුන් නිසා සෑම දිනකම ආර්ථික පරිහානයට ලක් වූ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව නම් දරන්නේ මෙවැනි හේතුන් නිසා නොවේද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58