AFC Banner
Empty Ad
Empty Ad

“ජනතාවගේ පීඩනය පිට කරන්න මොන ක්‍රමයකින් හරි මාර්තු මාසයට කළින් ඡන්දයක් තියන්න ඕනේ”

2023 මාර්තු මාසයට පෙර ඡන්දය පැවැත්විය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගින් පැමිණි අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙලෙස පැවසුවා.
වර්තමාන මැතිවරණ ක්‍රමය හැදුවෙ වර්ථමාන ජනධිපතිතුමා යහපාලන කාලේ, එතකොට දිනෙශ් ගුණවර්ධන තමයි මේ ක්‍රමය හැදුවේ.

මොකද දිනෙෂ් ගුණවර්ධන තමයි 2012 මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිසංස්කරන කමිටුවේ සභාපති.

2017 අපි බලයට පත් වුණාම රනිල් වික්‍රමසිංහ දිනෙශ් ගුණවර්ධනට කිව්වා මේක ඉස්සරහට කරගෙන යන්න කියලා.

අපි පැහදිලිවම කියනවා මොන ක්‍රමයක් හරි කමක් නෑ මර්තු මාසයට කලින් චන්දය තියන්න ඕනේ. මොකද ජනතාවගේ පිඩනය පිට කරන්න මොකක් හරි චන්දයක් වහාම තියන්න ඕනේ. නැත්නම් මේක ලේ විලක් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?