ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබේ (විඩියෝ)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලය පොලිසිය විසින් මුද්‍රා තබා තිබෙනවා.

අධිකරණයෙන් පොලිසියට ලැබුණු නියෝගයකට අනුවයි මමෙ පියවර ගෙන ඇත්තේ.

සභාපතිවරයාගේ නිල කාර්යාලය පිහිටා ඇත්තේ කොල්ලුපිටිය මයිකල් මාවතේයි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිරිසක් පැමිණ අදාළ කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට උත්සාහ කරන බවට කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුවයි කොල්ලුපිටිය පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකණයට කරුණු වාර්තා කර ලබාගත් අධිකරණ නියෝගයක් අනුව මෙලෙස අදාළ කාර්යාලයට මුද්‍රා තබා ඇත්තේ.

ජනක රත්නායක මහතා මේ වනවිට විදේශගතව සිටින අතර ඔහු නැවත මෙරටට පැමිණීමෙන් පසු අදාළ කාර්යාලය විවෘත කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

https://youtu.be/zghgXCrdbSA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?