ජනක රත්නායකගෙන් කප්පම් ගත් හිටපු සංගීත ශිල්පියෙක් අත්අඩංගුවට

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු හිටපු සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

සැකකරු සමඟ හෙරොයින් ගෑම් 12යි මිලිග්‍රෑම් 240ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය තැපැල් කාර්යාලය අසලදීයි. සැකකරුගේ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමේදී සැකකරුගේ මග පෙන්වීම මත දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබී ජීව අත්බෝම්බයක් ද සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා සැකකරු තදින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

සැකකරු මත්ද්‍රව්‍ය ලබාගෙන හෝටල් කාමරවල නැවතී මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි සඳහන්.

අද දින සැකකරු හදුනාගැනීමේ පෙරට්ටුවකට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

මීට පෙර මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 7 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ජනක රත්නායකගෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසිනුයි මෙලෙස රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගෙන තිබුණේ.

මෙම කප්පම් මුදල ලබා දී ඇත්තේ ඔහු ඝාතනය කිරීමට ලබාදී ඇති කොන්ත්‍රාත්තුවක් ඉටු නොකිරීම සඳහා බවටයි සඳහන් වන්නේ.

ඩුබායිහි සැඟව සිටින බව පැවසෙන අයෙකු පසුගිය ඔක්තෝබර් 16 වනදා දුරකථනයෙන් අමතා ඔහු ඝාතනය කිරීමට ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එය ඉටු නොකිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක් අවශ්‍ය බවත් දැනුම් දී තිබුණා.

එම ඇමතුම අනුවයි ජනක රත්නායක මහතා තම කාර්යාලයේ තිබූ මුදලින් රුපියල් ලක්ෂ 15ක මුදලක් එම පුද්ගලයන්ට ලබා දී ඇත්තේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
3
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?