ජනක රත්නායකගෙන් කප්පම් ගත් හිටපු සංගීත ශිල්පියෙක් අත්අඩංගුවට

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු හිටපු සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

සැකකරු සමඟ හෙරොයින් ගෑම් 12යි මිලිග්‍රෑම් 240ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය තැපැල් කාර්යාලය අසලදීයි. සැකකරුගේ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමේදී සැකකරුගේ මග පෙන්වීම මත දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබී ජීව අත්බෝම්බයක් ද සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා සැකකරු තදින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

සැකකරු මත්ද්‍රව්‍ය ලබාගෙන හෝටල් කාමරවල නැවතී මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි සඳහන්.

අද දින සැකකරු හදුනාගැනීමේ පෙරට්ටුවකට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

මීට පෙර මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 7 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ජනක රත්නායකගෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසිනුයි මෙලෙස රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගෙන තිබුණේ.

මෙම කප්පම් මුදල ලබා දී ඇත්තේ ඔහු ඝාතනය කිරීමට ලබාදී ඇති කොන්ත්‍රාත්තුවක් ඉටු නොකිරීම සඳහා බවටයි සඳහන් වන්නේ.

ඩුබායිහි සැඟව සිටින බව පැවසෙන අයෙකු පසුගිය ඔක්තෝබර් 16 වනදා දුරකථනයෙන් අමතා ඔහු ඝාතනය කිරීමට ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එය ඉටු නොකිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක් අවශ්‍ය බවත් දැනුම් දී තිබුණා.

එම ඇමතුම අනුවයි ජනක රත්නායක මහතා තම කාර්යාලයේ තිබූ මුදලින් රුපියල් ලක්ෂ 15ක මුදලක් එම පුද්ගලයන්ට ලබා දී ඇත්තේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26