නීති විරෝධීව ඉන්ධන ගබඩාකර ජංගම රථයකින් වැඩි මුදලකට ඉන්ධන විකිණූ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඹේපුස්ස ප්‍රදේශයේ දී ජංගම රථය ද සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනේ ඇති අතර, එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ඩීසල් ලීටර් 1,020ක් ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.
කැබ් රථයක පිටුපස විශේෂ ටැංකියක් තබා ඊට ඉන්ධන පුරවා, ගැනුම්කරුවන් අසළටම රැගෙන ගොස් අධික මිලට ඉන්ධන අලෙවි කිරීම මෙම පුද්ගලයා විසින් මහා පරිමාණයෙන් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මේ අතර නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය පෙන්නුම් කරන මීටරයක් ද ජංගම රථය තුළ සවිකර තිබූ බව පොලිසිය සදහන් කරනවා.
වරකාපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (28) දින වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

















