ඡායාරූප ගන්න ගිය අයෙක් දුම්රියෙන් ඇද වැටෙයි

ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් කළ පිරිමි ළමයෙකු දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

අද සවස කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන් කළ මෙම 15 හැවිරිදි පිරිමි ළමයා ඔහිය සහ ඉදල්ගස්හින්න අතර 22 වන උමග අසලදී ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ ඔහු හපුතලේ දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මගින් රැගෙන ඒමෙන් අනතුරුව දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

උමග ආසන්නයේදී දුම්රියේ පා පුවරුවේ යමින් ඡායාරූප ගැනීමට යාමේදී අනතුර සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?