AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද හිමි නාමලේඛනය ගැන විශේෂ දැනුම්දීමක්

2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් හෝ ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

2022 ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීම හෝ අදාල සංශෝධන සිදුකිරීම ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමෙන් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසම පැවසුවේය.

කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022 ඡන්ද හිමි නාමලේඛනය සඳහා වන බී.සී. ආකෘති පත්‍ර නිවෙස් වෙත බෙදාහැරීම මෙවර සිදු නොකරන බව සඳහන් වේ.

සංශෝධන මත පදනම්ව පමණක් 2022 ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් 2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් හෝ ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ඔවුන් ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතුව ඇත.

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු පසුගිය පළමුවනදා ආරම්භ වූ අතර එම කටයුතු ලබන ජුනි මස 15 වනදා දක්වා සිදුකිරීමට නියමිතය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?