පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්

2025 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමට ලබා දී තිබූ නිල කාලය අද (06) පස්වරු 4.00ට අවසන් වුණා.

පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත් වුණා.

දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ඡන්ද විමසීම අද (06) පෙරවරු 7.00ට ආරම්භ කෙරුණා.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් 17,156,338 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර, අපේක්ෂකයින් 75,589 දෙනෙකු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටියා.

දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරගයට ඉදිරිපත්ව සිටිනවා.

මේ අතර අද දිනයේ සමස්තයක් ලෙස ඡන්ද ප්‍රකාශ කිරීම ප්‍රශස්ත මට්ටමක පැවැති බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?