AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සාර්ථකව – අද දිනයේ ඡන්ද පෙරහුරුවක්

2024 ජනධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (20) පෙරවරුවේ සිට ආරම්භ වුණා.

මේ වනවිටත් එම කටයුතු සාර්ථකව සිදුකරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ ඡන්ද පෙට්ටි සමඟ අදාළ කාර්ය මණ්ඩල ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්කර යැවීම අරඹා ඇති බවයි.

ඒ, අනුව එම ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩල අද (20) දහවල් 12.00 පමණ වන විට එම ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන් අනතුරුව ඡන්ද පෙරහුරුවක් අද (02) දිනයේ දී පැවැත්වෙන බව ද කොමසාරිස්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

ජනධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධස්ථාන 13,421 කදී හෙට (21) ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?